සිංහළ බෞද්ධ වංශකතාවේ සමන් දෙව්දුන් ගේ ආගමනය
සමන් දෙවිඳුන් ගැන මහාවංශයේ ද සඳහන් වේ බුදුන් වහන්සේගේ ධර්මය අසා අරහත් ඵලයට පත්වූ සමන් දෙවිඳුන් බෞද්ධ වංශ කතාවේ ප්‍රධානම දෙවිඳුන් වශයෙන් සැලකේ බෞද්ධ ජනතාවගේ මහත් ගෞරවයට පාත්‍ර වූ සමන් දෙවිඳුන් වීරවික්‍රම තැනැත්තෙකු පසුකාලීනව දෙවියකු වූ බවට සඳහන් වේ. තවත් වංශකතාවක සදහන්ව ඇත්තේ මැණික් ගැරීමට ඉමහත් ආශාවක් කැමැත්තක් දැක්වූ ආර්යකාමදේව නැමැති ඇමතියකු සමන් දෙවිදුන්ට දේවාලයක් සාදා දීමට භාරදී එය ඉටු කර දුන් බවට වංශ කතා වල සඳහන් වේ ඇතමුන් සමන් දෙව්දුන් වශයෙන් උපත ලැබුවේ රාමගේ බාල සොයුරු වූ ලක්ෂ්මන් බවට ද විශ්වාස කෙරේ. කතරගම දෙවිඳුන් විෂ්ණු දෙවිඳුන් අහිමි වන තැනම බෞද්ධ ජනතාවගේ ගෞරවයට පත්වන සුමන සමන් දෙවිඳුන් ද ලක්වැසි ජනතාවගේ ගෞරවයට පාත්‍රවේ. සිරි පා සමය වන්දනාකරන බැතිමතුන්ගේ ආරක්ෂාවට සුමන සමන් දෙවිඳුන් භක්තියෙන් යුතුව ඇදහීමට සිරිපා කරුණා කරන බෞද්ධ ජනතාව ආදි කාලයේ පටන් හුරුවී ඇත එම කාලය තුලදී මන් දෙවිඳුන්ගේ නොයෙක් හාස්කම්...